(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙම සති අන්තයේ සිට දුම්රිය ධාවනය වැඩි කිරීමට පියවර ගෙන ඇති බව ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
එහි ප්රධාන ලේකම් කසුන් චාමර ජයසේකර පැවසුවේ හෙට(08) සහ අනිද්දා (09)දින වල ප්රධාන මාර්ගයේ දුම්රිය 6ක්, උතුරු මාර්ගය එක් දුම්රියක්, පුත්තලම් මාර්ගයේ දුම්රිය 3 ධාවනය කෙරෙන බවයි.
එසේම කැලණිවැලි මාර්ගයේ දුම්රිය 2ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 5ක් ලෙස ධාවන කිරීමට සැලසුම් කර ඇති අතර දෙමටගොඩ දුම්රිය ස්ථානයේ තව දුරටත් දුම්රිය නොනවත්වා ධාවනය කෙරේ.
මේ අතර මඩකලපුව හා මහව අතර දුම්රිය ගමන් ආරම්භ කර තිබේ.
ඒ අනුව මඩකලපුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.30 ට මහව හන්දිය දුම්රිය ස්ථනය දක්වාත්,මහව හංදියේ සිට 06.12 ට මඩකලපුව දක්වාත් මිශ්ර දුම්රියක් ලෙස ඊයේ (07) සිට ධාවන කටයුතු ආරම්භ කර ඇත.








