FAST NEWS

24×7 Around the Globe

අයි.එස් ත්‍රස්ත්‍රවාදීන් පැල්මයිරාවේදි තිදෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කරයි.

අයි.එස් ත්‍රස්ත්‍රවාදීන් විසින් සිරියාවේදී පැහැරගෙන ගොස් සිටි පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර ඇත.

මෙම ඝාතනයන් සිදුකර ඇත්තේ ඉතා අමානුෂික අන්දමීන් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර නමුත් එම වාර්තා මගින් ඝාතනයට ලක්වුවන්ගේ අනන්‍යතාවන් ප්‍රකාශ වී නොමැත.

පසුගිය මැයි මස අයි.එස් ත්‍රස්ත්‍රවාදීන් ලොව ප්‍රක්‍රට නටබුන් නගරයක් වන පැල්මයිරා ප්‍රදේශය යටත් කරගන්නා අවස්ථාවේ මෙම පුද්ගලයින් ඔවුන් යටතට ගෙන ඇත.

මෙම පුද්ගලයින් පැල්මයිරා නගරයේ පවතින ගොඩනැගිලි කුලුණු තුනක බැඳ දමා පසුව ඔවුන් අසල බෝම්බ පුපුරුවා හැරීමෙන් මෙම ඝාතනයන් සිදුකර ඇත.

මොලෙස මෙම ප්‍රදේශයේ අමානුෂික අයුරින් ඝාතනයන් සිදුකල ප්‍රථම අවස්ථාව බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙ වන විට වසර 2000ක ඉතිහාසයක් ඇති මෛ පැල්මයිරා නගරයේ ඇති නටබුන් සහිත ගොඩනැගිලි අයි.එස් ත්‍රස්ත්‍රවාදීන් විසින් විනාශ කර දැමීම එක්සත් ජාතීන්ගේ සංස්කෘතික අංශය වන යුනෙස්කෝ සංවිධානය දැඩි සේ විවේචනයට ලක්කර තිබේ.

එම සංවිධානය මෙසේ නටබුන් විනාශ කිරීම යුධ අපරාධයක් ලෙස හඳුන්වා දී ඇත.