FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා එක්ලක්ෂ තිස්දහසක් ස්වයං නිරෝධායනයේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් එක්ලක්ෂ තිස්දහසකට ආසන්න පිරිසක් තවදුරටත් ස්වයං නිරෝධායනය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයේ මාලිගාවත්ත, දෙමටගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශ තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර බස්නාහිර පළාතේ, මුහුණු ආවරණ නොමැති පුද්ගලයින් 2,335 ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාතේ, මුහුණු ආවරණ නොමැතිව පොදු ස්ථානවල සිටි පුද්ගලයින් තුන් දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.