FAST NEWS

24×7 Around the Globe

දකුණු ආසියාවේ විශාලතම මත්පෙති තොගය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවටගෙන ඇති විශාලතම මත්පෙති තොගය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සිය භාරයට ගෙන ඇත.

18,000කින් යුතු මෙම  මත්පෙති තොගය බෙල්ජියමේ සිට මෙරටට ගෙනවිත් ඇති අතර කිලෝ 09ක බරකින් යුක්ත මෙම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් කෝටි 13.5ක් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මධ්‍යම තැපැල් හුවමාරුව ට ලැබී තිබූ පාර්සල් කිහිපයක් පිළිබඳ ශ්‍රී ලංකා රේගුව විසින් කරතිබූ විමර්ශනයක දී, මෙම මත්පෙති තොගය හමුවී ඇත.

මේ සමගම නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව හරහා හුවමාරු  කිරීමට තැත් කළ මත් කොළ තොගයක් ද රේගුව විසින් සොයාගෙන තිබේ.