FAST NEWS

24×7 Around the Globe

කෝවිඩ් මරණ ගණන 222ක් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් අද (07) දින තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මේ සමඟ මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 222ක් වේ.

මියගොස් ඇත්තේ මීතිරිගල ප්‍රදේශයේ 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බේරුවල ප්‍රදේශයේ 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.