FAST NEWS

24×7 Around the Globe

බදු නොගෙවන ආයතන වල ලේඛන ප්‍රසිද්ධ කරන්න සුදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මගින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී තීරණය කරයි.

ඊයේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර එහිදී බදු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02ක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙස එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

අයකර ගත හැකි බදු කඩිනමින් අයකර ගැනීමට පියවර ගතයුතු බවත්, එමගින් රාජ්‍ය ආදායම ඉහළ නැංවිය හැකි බවත් විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා කාරක සභාවේදී පවසා තිබේ.