FAST NEWS

24×7 Around the Globe

පාසලේ සිසුන් ගණන මත කොරෝනා මැඩලීමට මුදල්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතේ සහ හුදකලා කළ ප්‍රදේශයන්හි පාසල් හැර අනෙකුත් සියලු පාසල් දෙවන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ලබන 11 වනදා විවෘත කිරීමට නියමිතය.  

මේ අනුව නව පාසල් වාරයේ දරුවන් පාසලට සෞඛ්‍යාරක්ෂිතව රැගෙන ඒම වෙනුවෙන් දෙමාපියන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුලු සියලු පාර්ශවවලට දැඩි වගකීමක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

ඒ අනුව සෞඛ්‍ය අංශවල නිර්දේශ මත පදනම්ව මේ මස 25 වන දින සිට හුදකලා කළ ප්‍රදේශවල හැර බස්නාහිර පළාතේ සෙසු පාසල්වල 11 වන ශ්‍රේණිය ආරම්භ කිරීමටද කටයුතු සැළසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.