FAST NEWS

24×7 Around the Globe

ඊයේ ආසාදිතයන් 484 න් 55 දෙනෙකු පදිංචි ස්ථානය ගැන තොරතුරක් නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයන් 484 දෙනා අතුරින් 55 දෙනෙකු පදිංචි ස්ථානය මෙතෙක් අනාවරණ වී නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය පවසයි.   

ඊයේ ආසාදිතයන් අතුරින් 121 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් ද , 38 දෙනෙකු මට්ටක්කුළියෙන් ද , ගම්පහින් 110 ක් , ගාල්ල දිස්ත්‍රික්කයෙන් 30 ක් , මාතරින් 25 ක් , අම්පාර හා මාතලේ දිස්ත්‍රික්කවලින් 23 දෙනා බැගින් සටහන් විය.

එමෙන්ම මහනුවර 20 ක් , කලුතර 19 ක් , මඩකලපුවේ 11 ක් , කෑගල්ලේ 08 ක් , කුරුණෑගල 07 ක් , යාපනයේ 06 ක් , පොළොන්නරුවේ 06 ක් සහ පුත්තලමේ 05 ක් ඊයේ ආසාදිතයන් අතරට අයත්.

මීට අමතරව අනුරාධපුර 03 ක් , බදුල්ලේ 03 ක් , හම්බන්තොට 02 ක් , කිළිනොච්චියේ 02 ක් මෙන්ම විදේශයන් හි සිට පැමිණි ආසාදිතයන් 05 දෙනෙකු ද ඊයේ කොවිඩ් ආසාදිතයන් අතර වෙයි.