FAST NEWS

24×7 Around the Globe

ඩුබායිහිදී කොවිඩ් එන්නත නොමිලේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට කෝවිඩ් එන්නත් නොමිලේ ලබා දීම ආරම්භ කර තිබේ.

මේ අනුව එම කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන කිහිපයක් තිබේ.

මේ වන විට එන්නත් වර්ග දෙකක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇති අතර ඒවා නම් ෆයිසර්-බයෝ එන්ටෙක් සහ චීනයේ නිෂ්පාදිත සිනොෆාර්ම්ය.

මේ අනුව එම එන්නත එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා පිහිටි මධ්‍යස්ථාන 11 කදී  නොමිලේ ලබා ගත හැක.