FAST NEWS

24×7 Around the Globe

නව වසරට පාර්ලිමේන්තුව රැස්වේ.රතන හිමි දිවුරුම් දීමට සුදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (05) පෙරවරුවේ ආරම්භ වේ.


පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාලය අද සිට විවෘතව පවතින අතර මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පාර්ලිමේන්තුවේ කටයුතු ආවරණය කිරීමට හැකි වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තේරී පත්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දිවුරුම් දීමට නියමිතය.

මේ අනුව අතුරලියේ රතන හිමියන්ට විපක්ෂයේ පළමු පෙළේ අසුනක් වෙන් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් දිවුරුම් දීමෙන් අනතුරුව උන්වහන්සේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට තීරණය කරන්නේ නම් ඒ පිළිබඳව සභානායකවරයා හරහා කථානායකවරයාට දැනුම්දිය යුතු බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ අතර කොවිඩ් වෛරසයට එරෙහි එන්නතක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා අද (05) ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට නියමිත අතර සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු සංශෝධන පනත් හතරක් විවාදයට ගැනීමට නියමිත වේ.