FAST NEWS

24×7 Around the Globe

තවත් ජනපදයකට සංචරණ සීමා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහනුවර – පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොස්කොටේ ජනපදයට අද (03) සංචරණ සීමා පනවා තිබේ.

ඒ, එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 31 දෙනෙකු වාර්තා වීමත් සමඟය.

මේ අතර, හුදකලා කර තිබූ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයක් හෙට (04) උදෑසන පහේ සිට හුදකලා බවෙන් ඉවත් කර තිබේ.