FAST NEWS

24×7 Around the Globe

තවත් නාගරික මන්ත්‍රීවරයෙක් ආසදිතයෙක් වෙයි

(ෆාස්ට් නිව්ස් | නුවරඑළිය) – හැටන් දික්ඔය නගර සභාවේ තවත් නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

කොවිඩ් -19 ආසාදිත ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගත් නාගරික මන්ත්‍රීවරයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

සභාපතිවරයාගේ ආශ්‍රිතයෙකු වූ හැටන් දික්ඔය නගර සභාවේ තවත් මන්ත්‍රීවරයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට මීටපෙර හඳුනාගෙන තිබුණි.

මේ අතර හැටන් වටවල ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 72ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 600 දෙනෙකු පමණ ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.