FAST NEWS

24×7 Around the Globe

ගතවූ පැය 24 තුළ රිය අනතුරු 70ක්. 09 දෙනෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය. 

ඒ එම කාලයතුළ සිදු වූ රිය අනතුරු 90කදීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පසුගිය දෙසැම්බර් 20වන දින සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 74 දෙනෙකු මියගොස් ඇති බවය.

එම කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 149 දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.

එසේම එම කාලය තුළ බීමත් රියදුරන් 2045ක්  අත්අඩංගුවටගෙන ඇත.

මේ අතර ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.