FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන රීති උල්ලංඝණය කළ 1900 කට වැඩි පිරිසකට නඩු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන රීතින් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතරින් 1900 කට වැඩි පිරිසකට මේ වනවිට අධිකරණය හමුවේ නඩු පවරා ඇති බව පොලිසිය සඳහන් කරයි.   

එමෙන්ම ගෙවුණු පැය 24 දී ද පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන රීතින් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 2044 ක්.