FAST NEWS

24×7 Around the Globe

බ්‍රිගේඩියර්වරු 5 දෙනෙක් මේජර් ජෙනරාල් ධුරයට උසස් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කරයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම උසස්වීම් ලබාදී ඇති බවයි.

එසේම යුද හමුදා විශේෂ බලකායේ ඉතිහාසයේ පළමු වතාවට සෙසු නිලයන් 560 දෙනෙකු ඊළඟ නිලය දක්වා උසස් කර තිබේ.