FAST NEWS

24×7 Around the Globe

අද දිනයේ ලැබෙන ව්‍යාජ පණිවුඩ වලින් ප්‍රවේසම් වන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ හා දුරකථන ඔස්සේ ලැබෙන ව්‍යාජ පණිවුඩ වලින් ප්‍රවේසම් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කළේය.  

අදාළ ත්‍යාග ගැනීමට යම් මුදලක් තැන්පත් කරන ලෙස එමගින් වංචනිකයින් ඉල්ලීම් කරන බවයි පොලිසිය පවසන්නේ.

බොහෝදුරට ශ්‍රී ලංකාවේ සිටින නයිජීරියානු ජාතිකයින් විසින් මෙම ජාවාරම අද දිනයේද ක්‍රියාවට නැංවීමේ වැඩි ඉඩක් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙවැනි වංචාකාරී ක්‍රියා සඳහා සම්බන්ධ වූ නයිජීරියානු ජාතිකයින් 24 දෙනෙකු පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.