FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් ආසාදිතයන් 5 ක් පැන යයි

(ෆාස්ට් නිව්ස් | පොළොන්නරුව) – පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 5 දෙනෙක් අද (31) අලුයම එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.    

එම රැඳවියන් මීගමුව බන්ධනාගාරයේ සිට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් එම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන විත් තිබේ.

මෙලෙස පළා ගොස් ඇත්තේ අවුරුදු 22, 23, 26, 32 හා 52 යන වයස්වල පසුවෙන මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වු පුද්ගලයින් පිරිසක් වෙයි.

පළාගිය ආසාදිත රැඳවියන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලීසිය හා යුද හමුදාව විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ.

එම පළාගිය ආසාදිත සැකකරුවන් පිළිබඳ තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයට දැන්විය හැකිය.

මුලස්ථාන පොලිස් පරීක්ෂණ පොළොන්නරුව – 0718 591 233 හා 119