FAST NEWS

24×7 Around the Globe

මෙරට කොවිඩ් මරණ ගණන 200ට අසන්න වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 199ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.