FAST NEWS

24×7 Around the Globe

බස්නාහිරින් පිට වෙන්න හැදු 13කට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු රැපිඩ් අන්ටිජන් පරීක්ෂණවලින් ඊයේ (29) දිනයේ දී ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගෙන තිබේ.

දිවයිනේ ස්ථාන 11ක දී සිදුකරනු ලබන පරීක්ෂණ තුළින් එම ආසාදිතයින් හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මස 18 වන දින සිට සිදුකරනු ලැබු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 10,986 දෙනෙක් අතරින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 74ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 377 දෙනෙක් මේ වන විට හඳුනාගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ වන විට හඳුනාගත් ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.