FAST NEWS

24×7 Around the Globe

මෙරට කොවිඩ් මරණ ගණන 194 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 194ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දර්ගා නගරයේ පදිංචිව සිටි 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 57  හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.