(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමතර දුම්රිය ගමන්වාර කිහිපයක් අද(28) පස්වරුවේ ධාවනයේ යෙදවීමට තීරණය කර තිබේ.
ඒ අද උදෑසන ධාවනයට යොදවා තිබූ දුම්රිය ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙනි.
මේ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙකක්, මුහුදු බඩ මාර්ගයේ ගමන්වාර දෙකක් සහ කැළණිවැලි මාර්ගයේ දුම්රිය වාරයක් මෙලෙස ධාවනයට යොදවා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කරයි.
ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙක පස්වරු 4 ට කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල හන්දිය දක්වාත්, පස්වරු 6.10 ට පොල්ගහවෙල හන්දියේ සිට කොළඹ කොටුව දක්වාත් මන්දගාමී දුම්රියන් ලෙස ධාවනය කෙරෙනවා.
මුහුදුබඩ මාර්ගයේ මරදානේ සිට පස්වරු 4.15 ට දකුණු කළුතර දක්වාත්, පස්වරු 5.45 ට දකුණු කළුතර සිට මරදාන දක්වාත්, මන්දගාමී දුම්රියන් ලෙස ධාවනය කෙරෙනු ඇත.
තවද කැළණිවැලි දුම්රිය මාර්ගයේ පස්වරු 5ට කොළඹ කොටුවේ සිට පාදුක්ක දක්වා මන්දගාමී දුම්රියක් ධාවනය කෙරෙන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩිදුරටත් නිවේදනය කළේය.








