FAST NEWS

24×7 Around the Globe

සොයිසාට කළ දෙම කරනවායැයි අනුරපුර ව්‍යාපාරිකයන්ට ඇමතුම්.

වසන්ත සොයිසා මහතාගේ එම ඝාතන සිද්ධිය පිළිබඳ පවසමින් ඒ සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන් බේරාගැනීමට යැයි කියමින් නිර්නාමික දුරකථන ඇමතුම් මඟින් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින්කප්පම් ඉල්ලන බවට අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

කප්පම් නොදෙන්නේ නම් වසන්ත සොයිසා මහතාට සිදු කළ දේම සිදු කරන බවටද එම නිර්නාමික දුරකථන ඇමතුම් මඟින් තර්ජනය කර ඇති අතර එවැනි පැමිණිලි දෙකක් ලැබී ඇතැයිද අනුරාධපුර පොලිසිය පවසයි.

දුරකතන ඇමතුම් මඟින් කප්පම් ඉල්ලා ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට එම දුරකථන අංක ඔස්සේ පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.