FAST NEWS

24×7 Around the Globe

පොලිසිය අතර ඇතිවූ ගැටුමකදී අපරාදකරුවෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ රඳවා සිටි සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වෙයි.

ඔහු සිදුකළ අපරාධ ක්‍රියාවක විමර්ශන කටයුතු සඳහා වේයන්ගොඩ, හල්ගම්පිටිය ප්‍රදේශයට අද (28) අලුයම රැගෙන ගිය අවස්ථාවේදී ඇතිවූ සිදුවීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මෙම සිදුවීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකුද තුවාල ලබා ඇති බවයි.

සැකකරු වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළේය.