FAST NEWS

24×7 Around the Globe

පොලිස් බල ප්‍රදේශ 9ක් හුදෙකලා වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට පොලිස් බල ප්‍රදේශ 9ක් හුදෙකලා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

කොළඹ පොලිස් බල ප්‍රදේශ 06ක් ඊට ඇතුළත් වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අනුව මාලිගාවත්ත,ආදුරුප්පුවීදිය, කොටහේන, දෙමටගොඩ,ග්‍රෑන්ඩ්පාස්,මෝදර,අවිස්සාවේල්ල,රුවන්වැල්ල සහ කොස්ගම යන පොලිස්වසම් හුදෙකලා කර ඇත.

මෙම හුදෙකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ වලට ඇතුළු වීම හෝ ඉන් පිට වීම තහනම් කර තිබේ.

මෙම නිරෝධායන නීති වලට අනුකූලව ජනතාව කටයුතු කළහොත් ඉතා ඉක්මනින් එම ප්‍රදේශ හුදෙකලා බවින් මුදා හරිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.