FAST NEWS

24×7 Around the Globe

අද දිනයේ ප්‍රදේශ රැසකට වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(28) දිනයේ උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තදවැසි ද ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල විශේෂයෙන්ම සවස 1.00න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තදවැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.