FAST NEWS

24×7 Around the Globe

කොරෝන පැණිය සෑදීම නවතී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය සඳහා ඖෂධයක් නිෂ්පාදනය කළේ යැයි පැවසූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා එම ඖෂධ නිෂ්පාදන කටයුත්තෙන් ඉවත්වීමට සුදානම් වේ.

දැනටත් එම ඖෂධය නිෂ්පාදන කටයුත්ත සදහා තමන්ට පුද්ගලික රුපියල් ලක්ෂ 20 ක පමණ මුදලක් වැය වී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

එවන් තත්වයක් යටතේ තමන් වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටින බවත් මේ නිසා තමන් මෙම කටයුත්තෙන් ඉවත් වන්නේ යැයි ඔහු වරකාපොල ප‍්‍රාදේශී්‍ය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් සමග පවසා තිබේ.

කෙසේ නමුත් තමන් ජීවත් වන ගම් ප‍්‍රදේශයේ සියළු දෙනාට එකී ඖෂධය ලබාදීම දෙන බවත් ඉන්පසුව මෙම ඖෂධය නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමන බවත් ඔහු සඳහන් කර ඇත.

එනිසා මෙම ඖෂධය සාර්ථක ද නැද්ද යන නිසි ලෙස පරීක්ෂා කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් සභාපතිවරයා සහ මන්ත‍්‍රීවරුන් මාධ්‍ය අමතමින් කියා සිටියහ.