FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන මස 15 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කල් දමා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.   

පවතින කොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් මත මෙම තීරණය ගෙන ඇත.