FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් උදා වූ නත්තල සමරමු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සාමයේ කුමරා වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව එළිය දුටු දිනය ලෙස ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ මැදියම් රැයෙන් සියලු ලෝ වාසීන්ට උදා විය.  

කෙසේ වෙතත්, කිතුණුවන්ට වෙනදා මෙන් මෙවර දේවස්ථාන වෙත ගොස් දේව මෙහෙයන්ට සහභාගිවීමට අවස්ථාව නොලැබුණත් මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය ඊයේ මැදියම් රැයේ අවම ජන සහභාගීත්වයෙන් පැවැත්වුණේ කඳාන ශුද්ධ වූ සෙබස්තියන් මුණිදුන්ගේ දේවස්ථානයේදීයි.

ඒ, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල දේවස්ථානවලදී දේව මෙහෙයන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුකූලව ඊයේ මැදියම් රැයේ පැවැත්වීමට ද කටයුතු කර තිබේ.