FAST NEWS

24×7 Around the Globe

කැලණිවැලි මාර්ගයේ දුම්රිය මගීන්ට දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා සීමා කරයි.

ඒ අවිස්සාවේල්ල සහ කොස්ගම යන පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කිරීම හේතුවෙනි.

ඒ අනුව හෙට සිට කඩුගොඩ, කොස්ගම, පුවක්පිටිය සහ අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන නැවත දැනුම් දෙන තුරු මගීන් සඳහා විවෘත නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.