FAST NEWS

24×7 Around the Globe

73 වන නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2021 වසරේ පෙබරවාරි 4 වනදාට යෙදෙන 73 වන නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මෙවර “ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක්” තේමාව යටතේ කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූලව  නිදහස් දින සැමරුම පැවැත්වෙන බව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

මෙම සැමරුම් පෙළපාලිය සඳහා යුද හමුදා නිලධාරීන් 4,325 ක්, නාවික හමුදා නිලධාරීන් 868 ක්, ගුවන් හමුදා නිලධාරීන් 945 ක්, පොලිස් නිලධාරීන් 1,382 ක් සහ සිවිල් ආාරක්ෂක බලකායේ නිලධාරීන් 515 ක් මෙන්ම ශිෂ්‍ය භටයින් 355 දෙනෙකු එක්වනු ඇත.