FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික් මායිම්වලින් ගමන් කිරීම වළක්වන්නැයි ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අළුත් අවුරුදු සමයේ දිස්ත්‍රික් මායිම්වලින් පිටතට ගමන් කිරීම වළක්වමින් යම් සංචරණ සීමාවක් පැනවිය යුතු බවට ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඒ බස්නාහිර පළාත තුළ කොවිඩ් ආසාදිතයින් බහුතරයක් වාර්තාවීම හේතුවෙන් බව එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් ක‍ළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභා සීමාවේ රෝගීන් විශාල සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වේ.

මේ නිසා අපිට හඳුනාගත නොහැකි මට්ටමින් සමාජයේ රෝගීන් සැරිසරයි.

ගම්පහ සහ කළුතරත් එවැනිම තත්ත්ව වාර්තා වෙමින් තිබෙන බවත් එළඹෙන නත්තල් සහ අලුත් අවුරුදු උදාව නිසා ප්‍රධාන කණ්ඩායම් 3ක් අවදානම් ලෙස ගමන් කරන ආකාරය නිරීක්ෂණය වු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.