FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන ආයතන සීමා නිර්ණ කමිටුව ප්‍රථම වරට රැස්වේ.

පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ ගැටලු විසඳීමට පත් කළ පංච පුද්ගල කමිටුව අද (28දා) සවස 2.00 ප්‍රථම වරට රැස්වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත පංච පුද්ගල කමිටුව පත් කරන ලැබුවේ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසිනි.

මෙම කමිටුව විසින් දැනට ගැසට් කර තිබෙන පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේදී ඇති වී තිබෙන ගැටලු විසඳීමට අවශ්‍ය යෝජනා හා අදහස්, දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන හා මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලින් ලබාගැනීමට නියමිතය.

මෙලෙස ලබාගන්නා අදහස් හා යෝජනා අනුව පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේදී සිදුවී තිබෙන වැරැදි නිවැරදි කර නැවත ගැසට් කිරීමටද සැලසුම් කර තිබේ.