FAST NEWS

24×7 Around the Globe

ජනවාරි අවසන් වන තුරු ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | නුවරඑළිය) – ලබන ජනවාරි මාසය අවසන් වන තුරු ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.    

පවතින වසංගත තත්වය හමුවේ ශ්‍රී පාද වන්දනාවේ ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන් පැමිණීම දැඩි අවධානම් තත්ත්වයක යත පවතින බව නිවේදනයක් නිකුත් කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පෙන්වා දෙයි.