FAST NEWS

24×7 Around the Globe

2019 Z-Score ළකුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේපයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද කඩඉම් ළකුණු අනුව ඉංජිනේරු සහ භෞතික විද්‍යා පීඨ සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර ඇත.  

ඒ බුවනෙක අළුවිහාරේ, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි.

පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත් වූ සිසුන් හතළිස් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබීය.