FAST NEWS

24×7 Around the Globe

වැඩහල්වල වෘත්තීය පුහුණුව ලබන සිසුන් සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැඩහල්වල වෘත්තීය පුහුණුව ලබන සිසුන් සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් (Overall Kit) ලබාදීමට රජය සුදානම් වෙයි.

එම යෝජනාව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

දැනට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩහල් සහ ඉදිකිරීම් ආශ්‍රිතව පුහුණුව ලබාදීම සඳහා ආයතන 9ක් ක්‍රියාත්මක වේ.

එම ආයතන යටතේ දැනට 30,000ක් ආසන්න ප්‍රමාණයක් පුහුණුව ලබයි.

ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, නව්‍යාකාරයේ වෘත්තීය ශිල්පියෙකු වශයෙන් අදාළ පුහුණුවේ නියැළීමටත් හැකිවන පිරිදි පුහුණුවන්නන්ට එම ඇඳුම් කට්ටල ලබා දීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව 2021 ජනවාරි සිට එම ආරක්ෂිත ඇඳුම් කට්ටල වැඩහල් ආශ්‍රිතව බෙදා දෙනු ලබයි.