FAST NEWS

24×7 Around the Globe

කේ.පීට රටින් පිටවීමේ තහනම දිගුවේ.

කුමරන් පද්මනාදන් හෙවත් කේ.පීට රටින් පිටවීම වළකාලමින් නිකුත් කළ තහනම් නියෝගය ලබන 13වනදා දක්වා දීර්ඝ කරනු ලැබුවේය.

කේ.පී නැමැත්තාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් ගොනු කර තිබූ රීට් පෙත්සම අද (28වැනිදා) කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නේය.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයෙකු වන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී සම්බන්ධයෙන් වාර්තා 4 ක් නීතිපතිවරයා අධිකරණය හමුවේ ගොනු කර ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් ජයන්ත ජයසූරිය මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

පොලිසිය මගින් ලැබුණු තොරතුරු අනුව මෙම වාර්තාව පසුගිය 20වනදා මෝසමක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. මෙම වාර්තා අධ්‍යයනය කිරිම සදහා ඒවායේ පිටපත් පෙත්සම්කාර පාර්ශ්වයටද ලබාදෙන ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ නීතිපතිවරයාට උපදෙස් දී ඇත.

එම වාර්තා අධ්‍යයනය කොට පෙත්සම්කරුවන්ගේ මතය දැන ගැනීම සදහා පෙත්සම ලබන 12 වනදා කැදවීමට නියම කළේය.

එල්.ටී.ටී.ඊ සංවිධානයට ආයුධ සැපයීම ඇතුලු බරපතල අපරාධ සිද්ධීන් 193ක් සම්බන්ධයෙන් කේ.පී වගකිව යුතු බව පෙත්සම්කරු අධිකරණයට දැනුම් දී තිබේ.