FAST NEWS

24×7 Around the Globe

LTTE අවි ගබඩාවක් සොයා ගැනේ[PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කිලිනොච්චිය) – LTTE  සංවිධානය විසින් යුද සමයේදී කිළිනොච්චිය අරිවියල් නගර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අවි ගබඩාවක් ඊයේ(21)දින සොයා ගෙන ඇත.

පවතින අධික වර්ෂාවත් සමඟ මෙම අවි ගබඩාව මතු වී ඇති අතර මේ පිළිබදව කිළිනොච්චිය පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම අවි ගබඩාව පරීක්ෂා කොට ගොඩ ගෙන තිබේ.

මෙම අවි ගබඩාව කිළිනොච්චිය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයට නුදුරින් තැනක තිබේ සොයා ගෙන ඇත.

T-56 වර්ගයේ ගිණි අවි 5ක්,මැගසින් 1ක් හා පතරොම් 40 ක් ගොඩ ගන්නා ලද අවි අතර තිබී සොයා ගැනුණි.

මෙම ගිණි අවි විනාශ කිරීම සදහා පොලීසිය කිළිනොච්චිය අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට පියවර ගෙන තිබේ.