FAST NEWS

24×7 Around the Globe

කෑගල්ලේ කොරෝනා ඖෂධයට ආයුර්වේද අනුමැතිය ලැබේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොවිඩ් මර්දන දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමි වෙයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් විසින් එම ඖෂධයට රජයේ අනුමැතියක් හිමිව තිබේ දැයි ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව තහවුරු කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එම ඖෂධය මේ වන විටත් දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ආහාර සංඝටකයක් ලෙස ලබාදීමට අනුමැතිය ලබා දී ඇති බවයි.

එනිසා ස්වාධීන කැමැත්ත මත ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.