FAST NEWS

24×7 Around the Globe

අභ්‍යාසලාභී උපාධිධාරීන් ප්‍රදේශ කිහිපයක විරෝධතා

(ෆාස්ට් නිව්ස් | මහනුවර) – අභ්‍යාසලාභී උපාධිධාරීන් අද(21) ප්‍රදේශ කිහිපයක විරෝධතා වල නිරත වූහ.

මෙලෙස විරෝධතා වල නිරත වූයේ පසුගිය වසරේ සංවර්ධන නිලධාරීන් ලෙස පුහුණුවට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ය.

මහනුවර, මාතලේ සහ ගාල්ල යන නගරවල ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වී ඇත්තේ තමන්ගේ රැකියා ස්ථීර කරන ලෙස රජයට බල කරමිනි.

තමන්ගේ සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.