FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ ඕනෑම ප්‍රදේශයක් තුළ කොරෝනා තිබිය හැකියි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කොරෝනා තිබිය හැකි බැවින් සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.   

මීට අමතරව බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම සති 02 ක පමණ කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

එමෙන්ම පවතින තත්ත්වය මත ඕනෑම අවස්ථාවක සංචරණ සීමා පැනවිය හැකි බව යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් ජනතාව සතුව මෙහිදී වැඩි වගකීමක් පැවරෙන බව ද යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි.

එබැවින් බස්නාහිර පළාතෙන් බැහැරට යාම හැකිතාක් අවම කරන ලෙස යුද හමුදාපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.