FAST NEWS

24×7 Around the Globe

ඊයේ ආසාදිතයන් 662 අතරින් 502 දෙනෙකුම බස්නාහිර පළාතෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (18) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 662 ක් හඳුනාගත් අතර, ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.   

කොළඹ දිස්ත්‍රික්කය තුළ හඳුනාගත් ආසාදිතයින් 259 දෙනා අතරින් වැඩිම පිරිසක් ලෙස බ්ලුමැන්ඩල් ප්‍රදේශයෙන් ආසාදිතයින් 44ක් හඳුනාගෙන ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

දෙමටගොඩින් 33ක්, අලුත්කඩේ 25ක්, බොරැල්ලේ 22ක්, මට්ටක්කුලියෙන් 21ක්, වැල්ලවත්තෙන් 19ක් හා මරදානේ 14ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

ඊයේ හමුවූ ආසාදිතයන් අතර කලුතරින් 164 ක් , ගම්පහින් 79 ක් , මහනුවර 46 දෙනෙකු ද මාතර 26 ක් හා ගාල්ලෙන් ආසාදිතයන් 18 ක්ද ඇතුළත් වෙයි.

ඊයේ දිනයේදී දිස්ත්‍රික් 18 කින් කොවිඩ් ආසාදිතයන් සටහන්වී ඇති අතර ඔක්තෝබර් 04 වනදායින් පසු මේ දක්වා මෙරටින් සටහන්වී ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 30 ,965 ක්.