FAST NEWS

24×7 Around the Globe

නියෝජිතයින් නැති කොමිෂන් සභා සඳහා ලබන 4 වනදා පත්වීම්.

මෙතෙක් නියෝජිතයින් පත්කර නැති කොමිෂන් සභා සඳහා ලබන 4 වනදා වන විට සාමාජිකයින් පත්කරගැනීම පිළිබඳ රජයේ සූදානමක් පවතිනවා.

කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ව්‍යවස්ථාදායක සභාවේ මංගල රැස්වීම සැප්තැම්බර් දහ වනදා පැවැත්වුණා.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුවයි කොමිෂන් සභා පිහිටුවීමේ අරමුණෙන් ව්‍යවස්ථාදායක සභාව රැස්වූයේ.ස්වාධීන කොමිෂන් සභා 4කට මේ වන විට නියෝජිතයින් පත්කර තිබෙනවා.

සෙසු කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීම ලබන 4 වනදා සිදුවනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.ව්‍යවස්ථාදායක සභාවේ මීළඟ රැස්වීම ලබන 4 වනදා සිදුවන බව කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා.