FAST NEWS

24×7 Around the Globe

ගාල්ල පාසල් තවදුරටත් වසා තැබෙයි

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල් ලබන 23 වැනි දා දක්වා තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.   

දිස්ත්‍රික්කයේ කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් එම තීරණය ගෙන ඇත.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව පාසල් 26 ක් තවදුරටත් වසා දැමීමට තීරණය කළ බවයි.