FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් එන්නත මෙරටට ගෙන එන්නැයි ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොවිඩ් වෛරසයට එරෙහිව අනෙකුත් රටවල ලබාදීමට කටයුතු කර ඇති එන්නත මෙරටටද ගෙන ඒමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන්නැයි රජ​යේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලයි.

මේ සම්බන්ධයෙන් ඔවුන් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිගෙන් ලිිඛිතව ඉල්ලීමක් කර ඇත.

එම සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ කොවිඩ් වයිරසය මර්දනයට මේ මොහොතේ ඇති එකම විසඳුම එන්නතක් ලබාදීම බවය.

එහෙත් රජය ඒ සඳහා මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් එම නිසා කඩිනමින් අනෙකුත් රටවල ලබාදෙන කුමන හෝ එන්නතක් මෙරටට ගෙන ඒමට පියවර ගත යුතු බවත් එම ලිපිය මගින් පෙන්වා දෙයි.