FAST NEWS

24×7 Around the Globe

බෝට්ටුවෙන් රත්‍රන් රැගෙන ගිය 5දෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – මෙරට සිට බෝට්ටුවකින් නීතිවිරෝධී ලෙස රත්‍රං කිලෝග්‍රෑම් 09ක් ඉන්දියාවට රැගෙන යමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අද (11) අලුයම තූත්තුකුඩි මුහුදු ප්‍රදේශයේදීය.

ඔවුන්ගෙන් සිව්දෙනෙක් ශ්‍රී ලාංකිකයන් වන අනෙක් පුද්ගලයා ඉන්දීය ජාතිකයෙකු බව වාර්තා වේ.