(ෆාස්ට් නිව්ස් | බලංගොඩ) – මිනුම් ඒකක ප්රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ මිනුම් සේවා හා උපක්රම පරීක්ෂකවරියක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.
ලබන වසර සඳහා විද්යුත් තරාදි 42ක බලපත්ර අලුත් කිරීමට නියමිත මුදලට වඩා එක් තරාදියකට රුපියල් 300 බැගින් අදාළ මුදල ලබාගැනීමට තැත් කිරීමේදි ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම පවසයි.








