FAST NEWS

24×7 Around the Globe

ආර්ථිකයේ සමබර වර්ධනයකට හරවත් යෝජනා ඉදිරිපත් කරන්න – ජනපති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම සමබර වර්ධනයක් ඇති කිරීම සිය අරමුණ බවත් ඒ සඳහා හරවත් යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් කරයි.    

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේ ඊයේ (10) පස්වරුවේදී පෞද්ගලික ව්‍යවසායකයින් සමග පැවති සාකච්ජාවකට එක්වෙමින්.

කොවිඞ් 19 ව්‍යාප්තිය නිසා අඩාල වූ ආර්ථිකය යළි සක්‍රීය කොට දිගුකාලීන ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීම පරමාර්ථ කොට ගෙන ජනාධිපතිවරයා පෞද්ගලික ව්‍යවසායකයන් කණ්ඩායම් වශයෙන් හමුවීමට තීරණය කර ඇත.

තම ව්‍යාපාරික ක්ෂේත්‍රවල වත්මන් ගැටළු අධ්‍යයනය කොට ඉක්මන් විසඳුම් සපයන බවට මෙහිදී ජනාධිපතිවරයා පොරොන්දු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.