FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයන් 30, 375 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 300 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.   

ඉන් 279 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර , අනෙක් 21 දෙනා බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 30, 375 දක්වා ඉහළ යනු ඇති.