FAST NEWS

24×7 Around the Globe

කොළඹ මහල් නිවාස හුදකලා බැවින් මුදන්න සුදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හුදකලා කර ඇති කොළඹ මහල් නිවාස හුදකලා බවින් ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරයි.

කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එම මහල් නිවාසවල ජීවත්වන පුද්ගලයින් PCR සහ ඇන්ටිජන් පරීක්ෂාවන්ට ලක් කිරීමේ කටයුතු පෙරේදා සිට ආරම්භ කළ බවයි.

ඒ අනුව එම කටයුතු අවසන් වූ වහාම එම මහල් නිවාස හුදකලා බවින් ඉවත් කළ හැකි බව යුද හමුදාපතිවරයා කියා සිටියේය.