FAST NEWS

24×7 Around the Globe

වසර 800කට පසු නත්තල් තරුව දිස්වන ලකුණු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නත්තල් තරුව දිස්වීම මේ මස 16 වනදා ආරම්භවේ.

එය ලබන 25 දක්වා දිස්වනු ඇති බව තාරකා විද්‍යාඥයන්පවසයි.

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක වන බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයන්ගේ කක්ෂයන් එක පෙළට සමපාත වෙමින් එක මත, එක දර්ශනය වීම නත්තල් තරුව ලෙස දිස්වේ.

කෙසේ වෙතත් මෙලෙස එක මත එක දර්ශනය වූවත් මෙම ග්‍රහලෝක අතර දුර ප්‍රමාණය මිලියන 400 ක් බව තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙයි.

අවසන් වරට මෙතරම් සමීපව මෙම ග්‍රහයන් එක පෙළට පැමිණ ඇත්තේ වර්ෂ 1226 මාර්තු 04 වනදාය.